නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබා ගැනීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම හෙටට කල් යයි
Monday, 14 December 2020 - 15:26 | Views - 322
අන්තවාදීන්ට ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරුන්ට ඉඩ ලබා දෙන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම හෙට(15) දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය අද(14) නියෝග කළා.
ඒ අභියාචනාධිකාරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු සහ සෝභිත රාජකරුණා හමුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.
නීතිඥ චලන පෙරේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
Share This Article