සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 24,000 ඉක්මවයි
Monday, 14 December 2020 - 15:08 | Views - 299
තවත් කොරෝනා ආසාදිතයින් 516 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අද(14) 24,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 24,309 ක් ලෙසයි.
තවදුරටත් ආසාදිතයන් 8329 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 32,790 ක්.
Share This Article