බන්ධනාගාරවල කොරෝනා ආසාදිතයන් 3,000 පනී
Monday, 14 December 2020 - 14:26 | Views - 275
බන්ධනාගාර ආශ්රිත කොරෝනා ආසාදිතයන් 3087 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද (14) දිනයේදී නව ආසාදිතයින් 122ක් හඳුනා ගැනීමත් සමඟයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (14) හමුවූ ආසාදිතයින් 122 දෙනාම පිරිමි රැඳවියන් බවයි.
මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින පිරිමි රැඳවියන් 2414කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, කාන්තා රැඳවියන් 189 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 103ක්.
Share This Article