බැංකු කළමනාකාර බිරිඳ සමඟ පෙමින් බැඳුණු කෝටිපති ව්‍යාපාරිකයා කපා කොටා දැමූ කෝටිපති සැමියාට ඇප
Monday, 14 December 2020 - 11:45 | Views - 456

බැංකු කළමණාකාරිනියක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු අදාල කළමණාකාරවරියගේ සැමියා විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ බැංකු කළමණාකාරිනියගේ සැමියා සහ ඔහුගේ ගෝලයෙකු එක්ව මෙලෙස පහර දී ඇත්තේ තවත් කෝටිපති ව්යාපාරිකයෙකයෙකුට බවයි වාර්තා වන්නේ.
සිය බිරිඳ සමඟ ඇති අනියම් සම්බන්ධය නවත්වන ලෙසට කෝටිපති ව්‍යාපාරිකයා විසින් අනෙක් කෝටිපති ව්‍යාපාරිකයාට දන්වා සිටියද ඉන් පළක් වී නොමැති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් උරණ වූ අදාල කාන්තාවගේ සැමියා ඔහුගේ ගෝලයෙකු සමඟ එක්ව මීගමුව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර තිබෙනවා.
පහර කෑමෙන් කෝටිපති ව්‍යාපාරිකයා බරපතල තුවාල ලබා ඇති අතර මිගමුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහිදී පහරදීම සිදුකළ ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයා නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව පහර කෑමට ලක්වූ පුද්ගලයාට වන්දි මුදලක් ගෙවීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත මුදාහැරීමටයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේ.
එහිදී විත්තියේ නීතීඥවරයා විසින් තුවාල ලත් කෝටිපති ව්‍යාපාරිකයා බැංකු කළමනාකාරිය සමඟ අනියම් ඇසුර පැවැත්වීමේදී ලබාගත් ඡායාරූප රැසක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
Share This Article