මෙක්සිකෝව ඉතාම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. ඉපැරණි ඇස්ටික් ඉතිහාසයට අයත් මානව හිස්කබල් වලින් සමන්විත කුළුණක් එරට පුරාවිද්‍යාඥයින් විසින් කැනීමකින් සොයා ගෙන තිබෙනවා.
මෙම කුළුණ නිර්මාණය කිරීම සඳහා හිස් කබල් 119ක් පමණ භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
2015 වසරේ මෙම කුළුණ සොයාගෙන තිබෙනවා.
14වන ශතවර්ෂයේ සිට 16වන ශතවර්ෂය දක්වා අතර කාල සීමාවට, මෙම සොයාගැනීම අයත්වන බවයි පුරාවිද්‍යාඥයින් පවසා සිටින්නේ.


