ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹින්
Monday, 14 December 2020 - 10:16 | Views - 198
කොරෝනා වෛරසය ආසාදිත බවට ඊයේ (13) දිනය තුළදී මෙරටින් හඳුනා ගැණුනු 655 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම පිරිස 444 ක්.
ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් ලෙස වාර්තා වුණා.
අනෙක් ආසාදිතයින් 90දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article