පළමු අවසන් පූර්ව තරඟයට පෙර මැතිව්ස් කළ යෝජනාව, තරඟයට පසු මහේල සහ ඇමති නාමල්ගෙනුත්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරඟ 08 කින් ජයග්‍රහණ දෙකක් පමණක් අත්කරගෙන සිටි ගෝල් ග්ලැඩියේටර්ස් පිල අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ඊයේ (14) සමත් වුණා.
ඒ ඔවුන් සමඟ අවසන් පූර්ව වටයේදී තරඟ වැදුණු කලම්බෝ කිංග්ස් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව කඩුලු දෙකකින් පරාජය කරමින්.
මෙම ජයග්‍රහණයත් සමඟ ජයග්‍රාහී ගෝල් ග්ලැඩියේටර්ස් පිලට සුබ පැතුම් ගලා එන්නට වුණා.
මේ අතර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සුබපැතුම් එක්කර තිබුණා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ එය ඉතා විශිෂ්ඨ අවසන් පූර්ව තරඟයක් බවයි.
මේ අතර ලබන වසරේදී හෝ playoffs ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බව ඔහු එහි වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.
මෙවර තරඟාවලියේ අවසන් වටයේ තරඟ පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කළ යුතු බව කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද අවසන් පූර්ව තරඟයට පෙර පවසා තිබුණා.
ඔහු පෙන්වා දුන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය මෙන් ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට පත්වන කණ්ඩායම් දෙකට අවසන් වටයේදී තවත් අවස්ථාවක් ලබාදිය යුතු බවයි.
මේ අතර playoffs යෝජනාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ද සිදුකර තිබුනේ පළමු වසන් පූර්ව තරඟය ජයගත් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සුබ පැතුම් එක්කරමින්.
