පළමු අවසන් පූර්ව තරඟයට පෙර මැතිව්ස් කළ යෝජනාව, තරඟයට පසු මහේල සහ ඇමති නාමල්ගෙනුත්
Monday, 14 December 2020 - 9:44 | Views - 213
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරඟ 08 කින් ජයග්‍රහණ දෙකක් පමණක් අත්කරගෙන සිටි ගෝල් ග්ලැඩියේටර්ස් පිල අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ඊයේ (14) සමත් වුණා.

ඒ ඔවුන් සමඟ අවසන් පූර්ව වටයේදී තරඟ වැදුණු කලම්බෝ කිංග්ස් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව කඩුලු දෙකකින් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ ජයග්‍රාහී ගෝල් ග්ලැඩියේටර්ස් පිලට සුබ පැතුම් ගලා එන්නට වුණා.

මේ අතර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සුබපැතුම් එක්කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ එය ඉතා විශිෂ්ඨ අවසන් පූර්ව තරඟයක් බවයි.

මේ අතර ලබන වසරේදී හෝ playoffs ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බව ඔහු එහි වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.

මෙවර තරඟාවලියේ අවසන් වටයේ තරඟ පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කළ යුතු බව කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද අවසන් පූර්ව තරඟයට පෙර පවසා තිබුණා.

ඔහු පෙන්වා දුන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය මෙන් ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට පත්වන කණ්ඩායම් දෙකට අවසන් වටයේදී තවත් අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

මේ අතර playoffs යෝජනාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ද සිදුකර තිබුනේ පළමු වසන් පූර්ව තරඟය ජයගත් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සුබ පැතුම් එක්කරමින්.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top