වසා දැමුණු මහනුවර පාසල් 45න් 42ක් අද සිට යළි විවෘතයි
Monday, 14 December 2020 - 8:55 | Views - 368
කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45න් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෙයිමගල් විද්‍යාලය හැර සෙසු පාසල් 42 අද (14) සිට යළි විවෘත කෙරෙනවා.
මේ අතර ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසල් අද සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
Share This Article