15හැවිරිදි දැරියකට නරුම වැඩක් කළ පියා අත්අඩංගුවට
Monday, 14 December 2020 - 8:17 | Views - 351
15 හැවිරිදි දැරියක මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කළ බවට සැකපිට දෙදරු පියකු ඉකුත් 10 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දැරියගේ නිවසේ කුලීකරුවකු ලෙස සේවය කර ඇති අතර නිවසේ මව්පියන් නොමැති අවස්ථාවකදී දැරිය දූෂණය කර ඇත. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවා තිබේ.
මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. සී. රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. කාරියවසම්, සැරයන් කුමාර (4479) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය - සුජිත් කරුණාතිලක
දිවයින
Share This Article