ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 655ක්
Monday, 14 December 2020 - 8:13 | Views - 291

නව කොරෝනා ආසාදිතයින් 655 දෙනෙකු ඊයේ (13) හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,790ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,152 ක්.
තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8,845 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 23,793 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර, ඊයේ (13) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 03ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසු පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් නියුමෝනියාව සමඟ ඇති වූ උග්‍ර හෘදයාබාධයක්.
වත්තල පදිංචි 71 හැවිරිදි කාන්තාවක්ද අයි.ඩී.එච්. රෝහලේදී පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂ වීම නිසා ඇති වූ කම්පන තත්ත්වය ඇයගේ මරණයට හේතු වී තිබෙනවා.
කොරෝනා ආසාදිත 76 හැවිරිදි මාතලේ පදිංචි පුද්ගලයෙකුද අනුරාධපුර දිස්ත්‍රික් රෝහලේදී පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොවිඩ් නියුමෝනියා තත්ත්වය සමඟ හෘදය අක්‍රීය වීම ඔහුගේ මරණයට හේතුවයි.
එසේම කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැනිං වෙළඳපොළ වසා දැමූ අතර, පසුව එය පෑලියගොඩ ඉදිකළ නව මැනිං වෙළඳපොලට රැගෙන යනු ලැබුවා.
එය අද (13) සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙනු ඇති.
Share This Article