දිගන සෙලවීම ගැන වාර්තාව සති දෙකකින්
Monday, 14 December 2020 - 8:10 | Views - 318
මහනුවර - දිගන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ භූ කම්පනය පිළිබඳව පර්යේෂණ කණ්ඩායමේ වාර්තාව මේ මස අවසන් සතියේ ලබාදීමට නියමිතයි.
පසුගිය 19 වනදා මෙම භූ කම්පනය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට උපදෙස් ලබාදීමත් සමඟ පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් භූ කම්පන සිදුවූ ප්‍රදේශයට සොයා බැලීම සඳහා පිටත්ව ගියා.
කෙටි කාලයක් තුළදී එම ප්‍රදේශයෙන් භූ කම්පන තුනක් වාර්තා වී ඇති අතර, දැනට ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන් හි පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම භූ කම්පන සිදුවී ඇති බවයි.
මෙම භූ කම්පන සමග වික්ටෝරියා ජලාශයේ බැම්මට හානි සිදුවිය හැකි ද යන්න සම්බන්ධයෙන්ද සොයා බැලෙනු ඇති.
Share This Article