කොරෝනා මර්දනයට සොයාගත් දේශීය ඖෂධවල විද්‍යානුකූලව තහවුරු කිරීම්, කඩිනම් කරන්න්නැයි අගමැතිගෙන් උපදෙස්
Sunday, 13 December 2020 - 15:16 | Views - 605
කොරෝනා වෛරසය මර්දනයට සොයා ගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්න ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහගේ සහ ඉන්දික ජාගොඩගේ මුලිකත්වයෙන් සැකසූ විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණ වලින් තහවුරු කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.එසේම, ලෝකයේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙසට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට පෙර ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුණා.
Share This Article