විජිතපුර බලකොටුව බව පැවසෙන පුරාවිද්‍යා භූමියට හානි කළ 10 දෙනා රිමාන්ඩ්
Sunday, 13 December 2020 - 15:11 | Views - 505
අනුරාධපුරය - ඉපලෝගම ඵෙතිහාසික විජිතපුර බලකොටුව පැවති බවට සැලකෙන පුරාවිද්‍යාත්මක භූමියට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් උදිත බී.ඒකනායක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මුස්ලිම් පල්ලියක් සහ ඊට යාබද සුසාන භූමිය වෙන් කිරීම සඳහා අනවසරයෙන් තාප්පයක් ඉදිකිරීමට කිසියම් පිරිසක් පියවර ගෙන තිබුණේ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන් විනාශවන ලෙසයි.

කෙසේ වෙතත් පුරාවිද්‍යා නටඹුන් සහිත භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා ඊයේ දිනයේදී පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළ පල්ලියේ සභාපතිවරයාද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top