විජිතපුර බලකොටුව බව පැවසෙන පුරාවිද්‍යා භූමියට හානි කළ 10 දෙනා රිමාන්ඩ්
Sunday, 13 December 2020 - 15:11 | Views - 506
අනුරාධපුරය - ඉපලෝගම ඵෙතිහාසික විජිතපුර බලකොටුව පැවති බවට සැලකෙන පුරාවිද්‍යාත්මක භූමියට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් උදිත බී.ඒකනායක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මුස්ලිම් පල්ලියක් සහ ඊට යාබද සුසාන භූමිය වෙන් කිරීම සඳහා අනවසරයෙන් තාප්පයක් ඉදිකිරීමට කිසියම් පිරිසක් පියවර ගෙන තිබුණේ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන් විනාශවන ලෙසයි.
කෙසේ වෙතත් පුරාවිද්‍යා නටඹුන් සහිත භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා ඊයේ දිනයේදී පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළ පල්ලියේ සභාපතිවරයාද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article