පෑලියගොඩ නව මැනිං වෙළඳපල විවෘත කෙරෙන්නේ තොග වෙළඳාමට පමණයි
Saturday, 12 December 2020 - 17:01 | Views - 496
පෑලියගොඩට රැගෙන ගිය මැනිං වෙළඳපලේ කටයුතු ලබන සඳුදා නව වෙළඳ සංකීර්ණයේ සිට ආරම්භ කරන නමුත් එහි වෙළඳාම් කටයුතු සිදුකරන්නේ පස්වරු හතරේ සිට රාත්‍රී 12 දක්වා පමණක් බව මැනිං පොදු වෙළඳ සංගමය ප්‍රකාශ කළා.
එම කටයුතු ද තොග වෙළඳාම සඳහා පමණක් සීමාවන බවයි එහි සභාපති ලාල් හෙට්ටිගේ කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
Share This Article