හලාවත නගරයේ විරෝධතාවක්
Saturday, 12 December 2020 - 16:54 | Views - 466
තාවකාලික සංචාරක වෙළඳුන්ට නගරයේ වෙළඳාම් කිරීමට ඉඩ ලබාදීමට විරෝධය පළ කරමින් හලාවත නගරයේ සියලු වෙළඳසැල් වසා දමා වෙළඳුන් අද(12) පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
මෙහිදී විරෝධතාකරුවන් හලාවත නගරයේ පෙළපාලියකද නිරතවූ අතර, විරෝධතාව පැවැත්වුණේ හලාවත නගර සභාව ඉදිරිපිටදියි.
එහිදී අදහස් දැක්වූ හලාවත වෙළඳ සංගමයේ සභාපති ජාන්ස් සමරනායක කියා සිටියේ බදු ගෙවන වෙළඳුන් අසරණව සිටියදී පුද්ගලයින් කිහිපදෙනෙකුට තාවකාලික වෙළඳාම් කිරීමට නගර සභාව අවසර ලබාදීම අසාධාරණ බවයි.
එම ස්ථානයට හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද පැමිණි අතර සභාපතිවරයා සඳහන් කළේ මේ සඳහා තමන් අවසර ලබාදුන් නමුත් මේ වනවිට එය අවලංගු කර ඇති බවයි.
Share This Article