වැඩි කළ බස් ගාස්තුව අඩු වෙන්නේ කවදා ද ?
Friday, 11 December 2020 - 16:31 | Views - 315
වැඩි කළ බස් ගාස්තුව අඩු කිරීමක් සිදුකරන්නේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ දැනුම් දුන් පසුව බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ වන විට බස් රථවල මගී ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම හේතුවෙන් බස් ගාස්තුව නැවත පෙර පැවති ගණනට අඩු කරන ලෙස බස් මගී සංගම් විසින් මේවන විට ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඉල්ලීම සාධාරණ වුවත් එය ඉටු කළ හැක්කේ රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දුන් පසුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බස් රථවලට කිසි ලෙසකින් මගීන් ආසන සීමාව ඉක්මවා රැගෙන යාමට අවසර දී නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එවැනි බස් රථවලට පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ වන විට කොවිඩ් නීති උල්ලංගනය කරමින් මගී ප්‍රවාහනයේ නිරත වූ බස්රථ 30ක මාර්ග බලපත්‍රය අත්හිටුවීමට ද කටයුතු කර තිබෙන බවයි දිලුම් අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළේ.

එවැනි බස් රථ පිළිබඳව 1955 දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවද ඔහු පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top