අම්මා සිරුරට ගිනි තබාගෙන මිය ගිහින් - තාත්තා ඇතුළු පාපතරයින් කිහිප දෙනෙකුගේම අතින් කෙළෙසුනු දැරියන් දෙදෙනෙකුට අවසානයේ අත්වුනු ඉරණම
Friday, 11 December 2020 - 16:02 | Views - 278
සිරුරට ගිනි තබා ගැනීමෙන් මව මිය ගිය පසුව අසරණව පියා භාරයේ සිටියදී පියාගේ මිතුරකු අතින් සහ තවත් පිටස්තර පුද්ගලයකු අතින් අපයෝජනයට ලක් වූ බාලවයස්කාර දැරියන් දෙදෙනකු ඔවුන්ගේ පියාගේ භාරයෙන් ඉවත් කර පරිවාස භාරයට පත් කරන්නැයි ගල්නෑව පොලිසියේ් ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් යූ.එස්.කේ.කේ. වැරණියගොඩ මහතා තරයේ ප‍්‍රතික්ෂේප කළේය.

ගල්නෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කළ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ විනිසුරු වැරණියගොඩ මහතා කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතා කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් දැරියන් දෙදෙනා පියාගේ භාරයෙන් ඉවත් කර ඔවුන්ගේ ලොකු අම්මාට භාරදීමට නියෝග කරනු ලැබීය.
 
දැරියන් දෙදෙනා ලොකු අම්මා භාරයේ රැකවරණය ලබමින් සිටින ආකාරය පිළිබඳව අධීක්ෂණය කරන ලෙසටත් ඒ පිළිබඳව පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් විනිසුරුවරයා පරිවාස නිලධාරිවරයාට තවදුරටත් නියෝග කළේය.
 
දැරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ගල්නෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ මෙම දැරියන් දෙදෙනා ඔවුන්ගේ පියාගේ භාරයේ සිටියදී අපයෝජනයට ලක්ව ඇති බවයි.
 
එම තත්ත්වය මත දැරියන් දෙදෙනා තවදුරටත් පියා භාරයේ තැබීම නුසුදුසු බවද අධිකරණයට කියා සිටි පොලිසිය ඔවුන් පරිවාස භාරයට පත් කරන්නැයිද ඉල්ලා සිටියේය.
 
දැරියන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ජේ‍යෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතා කියා සිටියේ මෙම දැරියන් දෙදෙනාගේ මව සිරුරට ගිනි තබාගෙන මිය ගොස් ඇති බවයි.
 
එසේ මව මිය ගොස් ඇත්තේ සැමියාගෙන් සිදුවන විවිධ කරදර විඳ දරා ගැනීමට නොහැකිව බවද අධිකරණයට කියා සිටි පරිවාස නිලධාරිවරයා එම සිද්ධියෙන් පසුව අසරණභාවයට පත්වූ දැරියන් දෙදෙනා තම පියා භාරයේ රැකවරණය ලබමින් සිට ඇති බවද කීවේය.
 
එසේ පියාගේ රැකවරණය ලබමින් සිටින අතරතුර එක් දැරියක් පියාගේ මිතුරකු විසින්ද අනෙක් දැරිය වෙනත් පිටස්තර පුද්ගලයකු විසින්ද අපයෝජනය කර ඇති බවද අධිකරණයට සැල කළ පරිවාස නිලධාරි කීර්තිරත්න මහතා දැරියන් දෙදෙනාගේ උපරිම යහපත වෙනුවෙන් පියාගේ භාරයෙන් ඉවත් කර ඔවුන් සිය ලොකුඅම්මාට භාරදීම වඩාත් යෝග්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසද අයැද සිටියේය.
 
අනුරාධපුර - ආනන්ද කරුණාදාස
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top