ඇහැලියගොඩින් තවත් කොරෝනා ආසාදිතයින් 21ක්
Friday, 11 December 2020 - 14:11 | Views - 410
ඊයේ හඳුනා ගැණුනු ආසාදිතයන් 538 දෙනා අතරින් 254 දෙනෙකු වාර්තාවී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ස්ථානයකින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 304 දෙනෙකු වාර්තාවී තිබූ අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනු ආසාදිත සංඛ්‍යාව  38ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විරෝධතාවල නිරත නොවී තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය 07 වනදා සිදුකළ පී සී ආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව පැණිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

නාවලපිටිය නගරයේ වෙළඳසැලක සේවය කළ මෙම සිසුවියගේ පියා කොරෝනා ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගැණුනා.

පසුව ඔහුගේ පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති අතර එලෙස නිරෝධායනගේ නිරත වන අතරතුරු සිදුකළ පී සී ආර් පරීක්ෂණයෙනුයි ඇය ආසාදිතයෙකු බවට තහවුරු වුණේ.

මෙම සිසුවියගේ ආශ්‍රිතයන් වන පාසල් ගුරුවරුන් 4 දෙනෙකු සහ ළමයින් 14 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ පී සී ආර් වාර්තා අද ලැබීමට නියමිතයි.

එමෙන්ම, ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අලුතින් ආසාදිතයන් 21 දෙනෙකු අද හඳුනාගැනීමත් සමඟ මේ වනවිට එම ප්‍රදේශයෙන් වාර්තාවන මුළු රෝගීන් සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඉන් 193 දෙනෙකුම වාර්තාවී ඇත්තේ දියුරුම්පිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවකින් බවයි.

මෙම ආසාදිතයන් මින්නාන, මොරගල, ගැටහැත්ත, මාහින්ගොඩ, උතුරු කරදන සහ විලේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි අවිසාස්වේල්ල - බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන තවත් 15 දෙනෙකුද ආසාදිතයන් ලෙස අලුතින් හඳුනාගෙන තිබෙනවා.

අදාළ ආසාදිතයන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් 290 ක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන්  කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top