වසරේ පාපන්දු කිරුළට තුන්කොන් සටනක්
Friday, 11 December 2020 - 12:03 | Views - 322
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේ වසරේ පාපන්දු ක‍්‍රීඩකයාට හිමි සම්මානය සඳහා පෘතුගාලයේ ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෝලන්තයේ රොබට් ලෙවන්ඩොව්ස්කි අතර තුන් කොන් සටනක් නිර්මාණය වී තිබේ.
 
අදාළ සම්මානය විශේෂ විනිසුරු මඩුල්ලක් විසින් මෙන්ම හිටපු ක‍්‍රීඩකයන්, මාධ්‍යවේදීන් සහ රසිකයන්ගේ බහුතර කැමැත්ත මත තීරණය වේ.

ඒ වෙනුවෙන් ඡන්ද විමසීමක්ද සිදුවේ. මීට පෙර වසරවලදී වසරේ පාපන්දු ක‍්‍රීඩකයා සම්මානය ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී අතර දෝලනය විය.
 
මෙම සම්මාන උළෙල ලබන 17 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන අතර පිරිමි මෙන්ම කාන්තා පාපන්දු ශූරියද තෝරා ගැනීමට නියමිතය.

කොරෝනා වසංගතය හමුවේ මේ වසරේදී ජාත්‍යන්තර පාපන්දු තරඟ බොහොමයක් අවලංගු වුවද ඉකුත් 2019 වසරේ දක්ෂතා සැලකිල්ලට ගනිමින් සම්මාන ලබාදෙනු ලබයි.
 
ලෝක පාපන්දු ක‍්‍රීඩාවේ ප‍්‍රබල තරු අතරට වසරේ සම්මානය වෙනුවෙන් නවකයන් වන සෙනගාලයේ සාඩියෝ මාන්, ප‍්‍රංශයේ කයිල්යාන් මප්පේ, බ‍්‍රසීලයේ නේමාර් සහ ස්පාඤ්ඤයේ සර්ගියෝ රාමෝස්ද ඇතුළත්ව ඇත.



Bayern Munich dominate 2020 FIFPRO Men's World XI nominations with nine  candidates | Goal.com
Football transfer rumours: Lionel Messi to join Manchester City? | Football  | The Guardian
Cristiano Ronaldo Photos Photos: Tottenham Hotspur v Real Madrid - UEFA  Champions League | Ronaldo, Cristiano ronaldo, Ronaldo photos
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top