මාධ්‍යවේදිනියක් ඝාතනය කිරීම ගැන තලෙයිබාන් සංවිධානයෙන් ප්‍රකාශයක්
Friday, 11 December 2020 - 11:54 | Views - 338
ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදිනී මලලායි මයිවාන්ද් ඝාතනය කිරීමේ සිද්ධියට තම සංවිධානයේ සම්බන්ධයක් නොමැති බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

26 හැවිරිදි වියේ පසුවූ ඇය නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී මෙලෙස ඝාතනයට ලක්වුණේ සිය රියදුරා සමඟ රාජකාරිය සඳහා යමින් සිටියදීයි.

සිද්ධියෙන් ඇගේ රියදුරු වන මොහොමඩ් තාහිර් ද ජීවිතක්ෂයට පත්වුණා.

ඇෆ්ගනිස්ථානයේ එනිකාස්ට් රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනයේ සේවය කළ මලාලායි, කාන්තා මාධ්‍ය ක්‍රියාකාරිනියන් මුහුණ දෙන ගැටළු වෙනුවෙන් පෙනී සිටියා.

සමාජ ක්‍රියාකාරිනියක් වන ඇගේ මව ද නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ මීට වසර 5කට ඉහතදීයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top