මාධ්‍යවේදිනියක් ඝාතනය කිරීම ගැන තලෙයිබාන් සංවිධානයෙන් ප්‍රකාශයක්
Friday, 11 December 2020 - 11:54 | Views - 339
ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදිනී මලලායි මයිවාන්ද් ඝාතනය කිරීමේ සිද්ධියට තම සංවිධානයේ සම්බන්ධයක් නොමැති බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
26 හැවිරිදි වියේ පසුවූ ඇය නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී මෙලෙස ඝාතනයට ලක්වුණේ සිය රියදුරා සමඟ රාජකාරිය සඳහා යමින් සිටියදීයි.
සිද්ධියෙන් ඇගේ රියදුරු වන මොහොමඩ් තාහිර් ද ජීවිතක්ෂයට පත්වුණා.
ඇෆ්ගනිස්ථානයේ එනිකාස්ට් රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනයේ සේවය කළ මලාලායි, කාන්තා මාධ්‍ය ක්‍රියාකාරිනියන් මුහුණ දෙන ගැටළු වෙනුවෙන් පෙනී සිටියා.
සමාජ ක්‍රියාකාරිනියක් වන ඇගේ මව ද නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ මීට වසර 5කට ඉහතදීයි.
Share This Article