වික්ටෝරියා වේල්ල ආරක්ෂිතයි - මහනුවර භූ චලන ගැන සොයන්න පරිසර අමාත්‍යාංශයෙන් තවත් කමිටුවක්
Friday, 11 December 2020 - 10:32 | Views - 438
වික්ටෝරියා වේල්ල සියයට සියයක් ආරක්ෂිත තත්ත්වයේ පවතින බව අනාවරණ වී තිබෙනවා.

මහනුවර නගරය තුළ මෑතකාලීනව ඇති වූ භූ චලන සම්බන්ධයෙන් මහනුවර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවයි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ කියා සිටියේ.

එම සාකච්ඡාවට එක්වූ වික්ටෝරියා ජලාශයේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ආර්.ඒ. අරුප්පොල කියා සිටියේ සමාජයේ ඇතැම් ප්‍රචාර දියත් වුවද වික්ටෝරියා වේල්ල කිසිදු අවදානම් තත්ත්වයක නොපවතින බවයි.

එමෙන්ම සෑම විටම වේල්ල පරීක්ෂාව සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, කිසියම් ආකාරයකින් වේල්ලේ අනාරක්ෂිත තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කර ඇති බව ද ඔහු එම සාකච්ඡාවේදී කියා සිටියා.

මෙම සාකච්ජාවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා ද එක්ව සිටි අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට භූ කම්පන මාන 4ක් ස්ථාපිත කර ඇති අතර ඒ හරහා වඩාත් නිවැරදි තොරතුරු ලබා ගනිමින් යම් ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාවක් පවතින බවයි.

ඒ අනුව වික්ටෝරියා වේල්ල නිරීක්ෂණ චාරිකාවක් මේ මස 22 වන දා සිදු කිරීමට නියමිතයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශය විසින් වික්ටෝරියා ජලාශය අවට විටින් විට සිදුවූ භූ කම්පන පිළිබද විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top