ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂාවන අයුරින්
Friday, 11 December 2020 - 10:14 | Views - 294
මෙරට ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, පෞද්ගලික ව්‍යවසායකයින් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි.
සියළු දේ ආනයනය කොට අලෙවි කිරීමට පහසු වුවද එසේ කළහොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නොහැකි බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතාමත් වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
මෙම සාකච්ඡාව පැවැත්වීමට ප්‍රධාන හේතු වී ඇත්තේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යළි සක්‍රිය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
එමෙන්ම, ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කොට විසදුම් සපයන බවටද ජනාධිපතිවරයා එහිදී පොරෝන්දු වී තිබෙනවා.
Share This Article