ලෝක ශූර පාපන්දු තරුවක් නිවී යයි
Friday, 11 December 2020 - 9:11 | Views - 316
1982 පාපන්දු ලෝක කුසලානය දිනූ ඉතාලි කණ්ඩායම නියෝජනය කළ සුපිරි පාපන්දු ක්‍රීඩක පාවුලෝ රොසි  මියගොස් තිබේ. එරට රූපවාහිනී නාලිකාවක් මගින් ඔහු ඊයේ (10 ) මියගිය බව ප‍්‍රකාශයට පත්කර තිබේ.

පාවුලෝ රොසි ඉතාලි ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 48කදී ගෝල 20ක් රැස් කිරීමට සමත් වී තිබේ. ඊට අමතරව විසෙන්සා, පෙරුජියා, ජුවෙන්ටස්, මිලාන් සහ වොරෝනා යන කණ්ඩායම් නියෝජනය කරමින් ගෝල 100කට වඩා වාර්තා කිරීමට පාවුලෝ සමත් වී තිබේ.

1982 වසරේදී ඉතාලියට ලෝක කුසලාන පාපන්දු ශූරතාව ලබාදීමට පාවුලෝ දැක්වූ දස්කම් වෙනුවෙන් බැලන්ඩි ඕර් සම්මානය හිමි වූ අතර එම තරගාවලියේදී තරඟ 7කදී ගෝල 6ක් වාර්තා කිරීමට පාවුලෝ සමත් වී තිබේ.

දීර්ඝ කාලයක් අසනීපව සිටි පාවුලෝ මිය යන විට 64 වැනි වියේ පසුවිය.

කෙසේ වෙතත් පාවුලෝ රොසිගේ මරණයට හේතුව මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.


Paolo Rossi, Italian soccer great and World Cup winner, has died at the age  of 64 - CNN

Italian football legend Paolo Rossi dies aged 64 | Italy | Al Jazeera



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top