කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි
Friday, 11 December 2020 - 9:05 | Views - 435
කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, කෑගල්ල - බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.

එමෙන්ම, ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර ඇතුළු එම කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මහාධිකරණ  විනිසුරුවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟයි ඔවුන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ.

මේ අතර, විදේශ රටවල රැකියා සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 107 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට පැමිණි 78 දෙනෙකු, ජපානයේ නරීටා සිට පැමිණි 12 දෙනෙකු සිටි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ සිට ඇය මෙලෙස මෙම රෝහලට මාරු කර යවා ඇති අතර කොරෝනා නිසා ඇති වූ හෘද වස්තුවේ ආසාදනයක් මෙම මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, වැලිගම ප්‍රදේශයේ පදිංචි ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවක්ද හෝමාගම මූලික රෝහලේදී ඊයේ මියගියා.

ඇය නිරෝධායන මධ්‍යස්ථානයක සිට මෙම රෝහලට ඇතුළත් කර ඇති අතර වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීම සහ කොවිඩ් නිව්මෝනියාව මරණයට හේතු වී තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 538 දෙනෙකු වාර්තා වුණා. ඔවුන්ගෙන් 21 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන අතර තවත් 448 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වනවා.

එමෙන්ම, තවත් 69 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස විදේශයන් හි සිට පැමිණි කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 69 දෙනා අතර දකුණු සුඩානයේ සිට පැමිණි 41ක්, ඕමානයේ සිට පැමිණි 11 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 10ක් සිටින බව සඳහන්.

එමෙන්ම, ඒ අතර ඉන්දියාව, මාලදිවයින සහ එක්සත් රාජධානියේ සිට පැමිණි එක් අයෙකු බැගින් මෙන්ම තවත් නාවිකයින් 4 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 30,613 දක්වා ඉහළ ගියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top