සුරූපී පොලිස් නිළධාරිනියට එල්ල වූ අමානුෂික ප්‍රහාරයෙන් ඇයට අත් වුනු කිසිවෙකු නොසිතූ ඉරණම - Photos
සාමාන්‍යයෙන් පොලිස් වෘත්තිය කියලා කියන්නෙ මහා බැරුරූම් විදිහේ එකක්. ඒ විදිහට හඳුන්වන්න තියෙන ලොකුම හේතුව ඒ රැකියාවේ තියෙන අවදානමම තමයි...
ඒ විදිහේ අවදානම් සහගත අවස්ථාවකට මුහුණ දීලා දරුණූ තුවාල සිදු කරගත්ත පොලිස් නිළධාරිනියකගේ සංවේදී ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරන්න පටන් අරගෙන තියෙනවා.
මේ අතිශය සංවේදී පුවත වාර්තා වෙන්නෙ එංගලන්තයෙන්.
මෙසේ තුවාල ලැබූ නිලධාරිනිය පහරදීමෙන් පසු මාස තුනක නිවාඩු යැවිය යුතු බවට උසාවිය තීන්දු කර තිබෙනවා.
ඇයට මේ ප්‍රහාරය එල්ලව ඇත්තේ සෝදිසි මෙහෙයුමකදි බවයි ඩේලිමේල් වාර්තා කරන්නෙ. ඇයට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 16 හැවිරිදි තරුණයෙක් බවයි හෙළිව ඇත්තේ.
"මම මගේ රාජකාරිය කළ නිසා මට ඇතිවන්නේ කෝපයක්. මට හිතාගන්න බෑ මම මේ තුවාල සහිතව ජීවිත කාලය පුරාම ඉන්නවා කියන එක.." ඇය කියන්නෙ කණගාටුවෙන්.
ක්වීන්ස් රෝහලට ඇතුළත් කළ තරුණ නිළධාරිවරියගේ නාසය කැඩී තිබුනු අතර, ඉදිමීම් හා තැලීම් ඇති බවද අනාවරණය වුනා.
කෙසේ වෙතත් ශල්‍යකර්මයේදි ඇයට අභ්‍යන්තර මැහුම් හයක් හා බාහිර මැහුම් 11ක් යෙදූ බවද සඳහන්.
Dailymail ඇසුරිනි.