පළාත් කිහිපයකට අදත් පස්වරුවේ වැසි
Friday, 11 December 2020 - 8:12 | Views - 348
සබරගමුව මධ්‍යම බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මඩකලපුව අම්පාර සහ හමබන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක උදය කාලයේදී වැසි ඇතිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණ අනාවැකිය පහතින්.
Share This Article