අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය
Thursday, 10 December 2020 - 16:49 | Views - 356
අමාත්‍යාංශ ලේකම්වරුන් තුන්දෙනෙකුට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යූ.ඩී.සී. ජයලාල්ටයි.
Share This Article