බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්
Thursday, 10 December 2020 - 16:19 | Views - 263
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකරමින් පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැළසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ගැටළු නිරාකරණය පියවර ගන්නා ලෙසයි ජනාධිපති කාර්යාලයේ අද (10) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටළු විමර්ශනය කර විසඳුම් නිර්දේශ කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින බවත්, ඔවුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කර පුනරුත්ථාපන වැඩසහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Share This Article