ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා තත්වය පාලනය වී ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ කියයි
Thursday, 10 December 2020 - 15:54 | Views - 349
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්රිත කොරෝනා දෙවන රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (09) පස්වරුවේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට එක්වෙමින්.
ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 82,000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර, ඉන් 5,589 ක් ආසාදිතයින් ලෙස වාර්තාවී තිබෙනවා.
තිහාරිය, කැළණිය සහ වත්තල ප්‍රදේශවල නව කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලෙස රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
Share This Article