ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා තත්වය පාලනය වී ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ කියයි
Thursday, 10 December 2020 - 15:54 | Views - 350
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිත කොරෝනා දෙවන රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (09) පස්වරුවේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට එක්වෙමින්.

ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 82,000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර, ඉන් 5,589 ක් ආසාදිතයින් ලෙස වාර්තාවී තිබෙනවා.

තිහාරිය, කැළණිය සහ වත්තල ප්‍රදේශවල නව කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලෙස රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top