ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 වනශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට, නව පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ Online ක්‍රමයට
Thursday, 10 December 2020 - 15:17 | Views - 433

මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලබනවා.
අද (10) දිනයේ සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි අධ්‍යාපන අමත්‍යංශය නිවේදනය කරන්නේ.
රට තුළ මතු වූ කොවිඩ් අභියෝග හමුවේ වුව ද මෙවර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වූ අතර, විභාගයට පෙනී සිටි සිසුන් 326,264ක් අතරින් සිසුන් 47,193 දෙනෙකු කඩඉම් ලකුණු ඉක්මවමින් නව පාසලක් සඳහා අයදුම්කිරීමේ සුදුසුකම් ලබා තිබෙනවා.
Share This Article