කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීමේ සූදානමක්
Thursday, 10 December 2020 - 14:50 | Views - 464
හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ මහල් නිවාසවල ජීවත්වන පුද්ගලයින් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීමේ කටයුතු පෙරේදා සිට ආරම්භ කළ බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර, ඊයේ වාර්තා වූ ආසාදිතයින් 697 අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වන 357 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 128 ක්, බොරැල්ලෙන් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවී ආසාදිතයන් සංඛ්‍යාව 219 ක්.

වත්තල - මාබෝල ප්‍රදේශයෙන් ආසාදිතයන් 47 දෙනෙකු සහ මහරින් ආසාදිතයන් 55 දෙනෙකු සොයාගැනුනා.

මේ අතර මැදපෙරදිග රටවල් තුනක සිට ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් තුළ සිදුකරන දින 14ක නිරෝධායන කාලය මින් ඉදිරියට සිදුකිරීම අවශ්‍ය නොවනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top