කොවිඩ් හමුවේ වුවද මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය කැපවනවා
Thursday, 10 December 2020 - 13:34 | Views - 355
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වුවද මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළා.

තමන් බලයට පත්වූ සෑම අවස්ථාවකම මානව හිමිකම් ආරක්ෂා කරමින් විනයානුකූලව ජනතාවගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටි බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ද සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස කැපවන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අයිතිවාසිකම් භුක්ති විඳිනවා සේම ඒ හා බැඳුණු යුතුකම් ඉටුකිරීමටද අප වග බලාගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top