විදෙස්ගතව සිට පැමිණෙන අය නිවෙස් තුළ නිරෝධායනයෙන් ඉවත් කිරීමේ සූදානමක්
Thursday, 10 December 2020 - 13:33 | Views - 1,887
විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් තුළ සිදුකරන නිරෝධායනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
මේ වනවිට විදෙස් ගතව සිට පැමිණෙන සියලුදෙනා ගුවන් තොටුපලේදී පී සී ආර් පරික්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් සහ ඉන් පසු නිවෙස් තුළ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීම සිදුවනවා.
Share This Article