දැඩි රෙගුලාසි යටතේ ශ්‍රී පාද වන්දනාව ඇරඹීමට සුදානම් - මුව ආවරණ සහ විෂබීජනාශක දියර දන්සැල්වලට පමණක් අවසර
Thursday, 10 December 2020 - 8:23 | Views - 1,319
එළඹෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ සහභාගීත්වයෙන්.

ඒ අනුව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ශ්‍රී පාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම  බැතිමතුන් සංඛ්‍යාවන මෙවර 200 කට සීමා කර තිබෙනවා.

එමෙන්ම මේ 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වනදා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි.

ඒ අනුව පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් - නල්ලතන්නි යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කෙරෙනවා.

පෙරහර පවත්වන අවස්තාවේ පඬුරු දැමීමට ද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර, අවශ්‍ය පුද්ගලයින්ට මුව ආවරණ හෝ විෂබීජනාශක දියර දන්සල් පැවැත්විය හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top