රුපියල් ලක්ෂ 77ක් වටිනා කහ කිලෝ තොගයක් අත්අඩංගුවට
Wednesday, 09 December 2020 - 16:44 | Views - 424
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 77ක් පමණ වටිනා කහ කිලෝග්රෑම් 1110ක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු, හලාවත - කාවාටියාවත්ත ප්රදේශයේදී හලාවත කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේවා ප්රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ කුඩා ප්රමාණයේ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් කටුගම්පොළ, බංගදෙනිය සහ මන්නාරම යන ප්රදේශවල පදිංචිකරුවන්.
Share This Article