මියගිය මහර රැඳවියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ කඩිනම් කරන්නැයි නියෝගයක්
Wednesday, 09 December 2020 - 16:37 | Views - 415
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එහි වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඒ සම්බන්ධයෙන් පත් කර ඇති පංච පුද්ගල විශේෂඥ කමිටුවට නියෝග කර තිබෙනවා.
ඒ, මීට අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදියි.
එමෙන්ම මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අදාළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ සහ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.
පශ්චාත් මරණ පරීක්ෂණවල වාර්තාව ලැබෙනතුරු එම මරණ භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ලබාදිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article