යාපනයේ අනතුරකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් ජීවිතක්ෂයට
Wednesday, 09 December 2020 - 15:37 | Views - 360
යාපනය, නුනාවිල් ප්‍රදේශයේදී අද (09) දහවල් සිදුවු රිය අනතුරකින් කාන්තාවක් සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසුවේ මෝටර් රථයක් මාර්ගය අසළ නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් සහ පස් හැවිරිදි පිරිමි දරුවෙක්.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, මිය ගිය අයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත යොමුකර තිබෙනවා.

මෝටර් රථයේ ටයරයක් පිපිරී එය පාලනය කර ගැනීමට නොහැකිවීම මෙම අනතුරට හේතුවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top