නව මැනිං වෙළඳපොල ලබන සඳුදා සිට ආරම්භ කරන්නැයි උපදෙස්
Wednesday, 09 December 2020 - 14:09 | Views - 410
ලබන සඳුදා සිට පෑලියගොඩ නව මැනිං වෙළඳපලෙහි කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලද විවෘත කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ සහ මැනිං වෙළඳපොළ වසා තැබීම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ ආර්ථිකයට මෙන්ම ජීවනෝපායටද සෘජුව බලපාන බවද බැසිල් රාජපක්ෂ බලධාරින්ට අවධාරණය කර ඇත්තේ.
Share This Article