අයියගේ පහරදීමෙන් මල්ලී මරුට
Wednesday, 09 December 2020 - 13:57 | Views - 395

වෙහෙරගල,ගම්මාන හත ප්‍රදේශයේ නිවසක් තුල අද (09) ඇතිවු ආරවුලක් දුරදිග ගොස් සිය බාල සොයුරාගේ හිසට පොල්ලකින් පහරදි ඝාතනය කිරිමෙන් පසුව සැකකාර වැඩිමහල් සොයුරා පැමිණ භාරවු බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙම ආරවුලින් මිය ගොස් ඇත්තේ ප්‍රියන්ත කුමාර(34)නමැති පුද්ගලයෙකි.
මියගිය මෙම පුද්ගලයාත් ඔහුගේ 53 හැවිරිදි සැකකාර සොයුරාත් එකම නිවසේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
සැකකරු මීට පෙර සිදුකරන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 12 ක් බෝගම්මබර බන්ධනාගාර ගතව පසගිය නොවැම්බර් මස 30 වැනිදා නිවසට පැමිණ පුද්ගලයෙකි.
බෝගම්බර බන්ධනාගාරයේ කොරෝනා වයිරසය වැළදුණ රෝගින් ඇසුර කර තිබු නිසා මෙම සැකකාර සොයුරාත් ඔහුගේ මියගිය සොයුරාත් නිවස තුලම ස්වයං නිරෝධනයට ලක්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවද පොලිසිය සදහන් කළේය.
මොවුන් දෙදෙනා අතර අද(09)දින අලුයම එකට පමණ සිදුවු ආරවුලක් නිසා සැකකාර වැඩිමහල් සොයුරා විසින් බාල සොයුරාගේ හිසට පහරදි තිබේ.එම පහර දිමෙන් පසුව බාල සොයුරා එම ස්ථානයේම මිය ගොස් තිබුණි.
සිද්ධිය වන අවස්ථාවේදි මොවුන් දෙදෙනාම බිමත්ව සිටි බවත් ඔවුන් දෙදෙනාටම මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් බවද පොලිසිය පවසයි.තඹුත්තේගම පොලිසියට පැමිණ භාරවි තිබේ.
ඔහු අද(09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
දයාරත්න ඇඹෝගම
ලංකාදීප
Share This Article