ගලෙන්බිදුණුවැව පාසලක ගුරුවරයෙකු සිසුවියකට පහර දෙයි
Wednesday, 09 December 2020 - 13:39 | Views - 526
ගලෙන්බිදුනුවැව - හිඹුටුගොල්ලෑව විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීම හේතුවෙන් එහි සිසුවියක් රෝහල ගතකර තිබෙනවා.
ඊයේ මෙම පහර දීම සිදුකර ඇත්තේ සිසුවිය නිවසේ දී සිදු කිරීමට දුන් අභ්‍යාස සම්පූර්ණ නොකල බවට පවසමින්.
පහර දීම සම්බන්ධයෙන් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියගේ මව්පියන් ඊයේ පස්වරුවේ ගලෙන්බිදුනුවැව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
එම සිසුවිය ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කර ඇති අතර, පහර දීම සිදුකළ ගුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි ගලෙන්බිදුනුවැව පොලීසිය සඳහන් කළේ.
Share This Article