යතුරුපැදි අනතුරෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවගේ තත්ත්වය තරමක් සුව අතට
Wednesday, 09 December 2020 - 12:38 | Views - 1,037
මොරටුව යතුරු පැදි අනතුරෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවගේ තත්වය මේවනවිට තරමක් සුව තත්වයට හැරෙමින් පවතින බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසනවා.

මෙම අනතුරින් ඇයගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර එක් අතක් සහ පාදයක්ද කැඩී  තිබෙනවා.

මේ වනවිට ඇයට යන්ත්‍රයක ආධාරයෙන් කෘතිම ශ්වසනය ලබාදෙන අතර හෙට හෝ අනිද්දා වන විට එම යන්ත්‍රය ඉවත්කර සාමාන්‍ය ලෙස හුස්ම ගැනීමට ඇයට හැකිවනු ඇති බව වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් ඇයගේ බරපතළ රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරු තව දුරටත් දැඩි අවධානයෙන් පසුවන බවයි වාර්ථා වෙන්නේ.

ඊට හේතුව ලෙස වෛද්‍යවරු පෙන්වා දෙන්නේ ඇයගේ හිසෙහි අභ්‍යාන්තරයේ ලේ ගැලීමක් සිදුවී තිබීමයි.

මේ වනවිටත් ඒ සම්බන්යෙන් අවශ්‍ය ශල්‍යකරම කිහිපයක්ම සාර්ථකව සිදුකර ඇති බවද සඳහන්.

මෙලෙස හිසට බරපතළ තුවාළ සිදුවූ පුද්ගලයින් බොහෝ අවස්ථාවලදී සුව වී ඇති බවයි සෞඛ්‍ය අංශවල මතය වී ඇත්තේ.

අදාළ මාරක අනතුරින් ඇයගේ දරු කළලය ද ඇයට අහිමි වූ අතර අනතුරින් මිය ගිය ඇයගේ සිඟිත්තන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top