ප්‍රදීප්ගේ අණසකට කීකරු වූ දැවැන්ත නාගයා
Wednesday, 09 December 2020 - 11:38 | Views - 310
රද්දොලුව උදම්මිට හන්දිය අසල පිහිටි නිවසකට පැමිණි දරුණු ගණයේ දැවැන්ත නාගයෙකු ආරක්ෂිතව අල්ලා ඉවත් කිරීමට සත්වවේදියෙකු සමත්ව තිබෙනවා.
මෙලෙස නාගයා එම ස්ථානයෙන් ඉවත්කර ඇත්තේ රද්දොළුව ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් සංජය නමැති පරිසරවේදියා විසින්.
ඔහු මීට පෙර නාගයින් 37 දෙනෙකු ආරක්ෂිතව මුදාගැනීමත් සමග බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූවා.
Pradeep Sanjaya - Nature and Wildlife නමැති සමාජ මාධ්‍ය ගිණුම හරහා ඔහු හා සම්බන්ධවන පුද්ගලයන් විසින් ලබාදෙන තොරතුරු අනුව කලක් තිස්සේ ඔහු සත්වයන් මුදාගැනීම සිදුකරනු ලබනවා.
ඒ සඳහා ඔහු කිසිදු මුදලක් අය නොකිරීමද විශේෂත්වයක්.
මේ වනවිට ඔහු විසින් අල්ලා ඉවත්කරන ලද නාගයන් සංඛ්‍යාව 300කට අධික බවයි ඔහු පවසන්නේ.
Share This Article