නිරෝධායන නීති කැඩූ තවත් 30දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 09 December 2020 - 10:45 | Views - 266
මුව ආවරණ නොපැළදි සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් 30 දෙනෙකු ගෙවුණු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 30 වන දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ 1181 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article