චැසි අංක වෙනස් කොට රේස් ගිය යතුරුපැදි 10ක තොරතුරු
Wednesday, 09 December 2020 - 10:25 | Views - 288
මිරිහාන කිඹුලාවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ යතුරුපැදි 26න් 10ක චැසි අංක වෙනස් කොට ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු කියා සිටියේ ඊයේ මේවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන්ගේ විමර්ශණයට ලක් වූ බවයි.
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ දැරියන් දෙදෙනෙකුට මරු කැදවමින් සිදුවූ අනතුරෙන් පසු පසුගිය ඉරිදා මිරිහාන පොලිසිය සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි සොයාගනු ලැබුවා.
Share This Article