කොරෝනා මැදින් ඒඩ්ස් නගී - අනුපාතය පිරිමි පහට ගැහැනු එකයි
Wednesday, 09 December 2020 - 9:40 | Views - 514
කොවිඩ් වසංගතය මැද එච්. අයි. වී. ආසාදනයට ලක්වන අයගේ ඉහළ යෑමක් ඇති විය හැකි යැයිද මේ නිසා  ලිංගාශ‍්‍රිත සායනවලට ආසාදිතයන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමට මැලිකමක් දක්වන බවට පෙනී ගොස් ඇතැයිද මාතර මහ රෝහලේ ලිංගාශ‍්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පැවසුවාය.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මාතර මහ රෝහලේ පැවැති සම්මන්ත‍්‍රණයේ දේශනයක් කරමින් විශේඥ වෛද්‍යවරිය එසේ පැවසුවාය.

මෙසේ මැලිකමක් දක්වන රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ නිවසටම ගොස් ඖෂධ ලබාදීම සිදු කරන බවද ඇය පැවසුවාය.

2020 වසරේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් එච්. අයි. වී. ආසාදිතයන් දහසය දෙනකු හඳුනාගෙන ඇතැයිද මේ දක්වා මාතර මහ රෝහලේදී ලිංගාශ‍්‍රිත රෝග සායනයෙන් හඳුනාගත් රෝගීන් පනස්හත් දෙනකු සිටින බවද මාතර, දික්වැල්ල, හක්මණ, වැලිගම දෙවිනුවර ප‍්‍රදේශවලත් විශේෂයෙන් වෙරළ ආශ‍්‍රිතවත් වැඩිපුරම ආසාදිතයන් වාර්තා වන බවද ඇය පවසා සිටියාය.

විශේෂයෙන් තරුණ වයසේ එනම් අවුරුදු 20-35 අතර වයස්වල පසුවන අය වැඩි වශයෙන් මෙම රෝගයට  ගොදුරු වන බවත් පිරිමි අය මෙම රෝගයට ගොදුරු වීම වැඩි බවත් පැවසූ ඇය පිරිමින් පහකට එක් ගැහැණු අයෙකු ආසාදිත වන බවද පැවසුවාය.

මේ වන විට ලෝකය පුරා එච්. අයි වී ආසාදිතයන් ලක්‍ෂ 17 ක් පමණ සිටින බවද මෙයිනුත් අප‍්‍රිකානු කලාපය  මුල් තැන ගන්නා බවද ඇය වැඩිදුරටත් කීවාය.

දිවයින
මාතර චන්ද්‍රදාස කොඩිතුවක්කු
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top