මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 30,000ට ආසන්න වෙයි
Wednesday, 09 December 2020 - 8:23 | Views - 331
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 798 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 30,000 කට ආසන්න වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 29,379ක් දක්වා ඉහල යන බවයි.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 798 දෙනාගෙන් 230 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් ආසාදිතයින් 567 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වනවා.

එමෙන්ම ජෝර්දානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැණුනු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, ඊයේ වාර්තා වූ 230 දෙනා සමගින් බන්ධනාගාර පොකුර 2569 දක්වා ඉහළ යනවා.

ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදිතයන් 7979 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 21,258ක්.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය කිරීමේ කටයුතු විධිමත්ව සිදුකර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා තාක්ෂණික උපකරණ තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ස් විසින් කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඊයේ භාර දෙනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top